Wednesday, December 17, 2014



ඉතුරු කෑම Fridge එකේ තියනවනම් මේ ගැනත් දැනගෙන ඉන්න
ඔබ පිසින සෑම ආහාරයක්ම පිස ගැනීමෙන් පැය 4කට පසු බැක්ටීරියා ඇතුළු වන බව ඔබ දැන සිටියාද?
එලෙස ආහාරයන්ට ඇතුළු වූ බැක්ටීරියා (විෂබීජ) මිය යන්නේ නැහැ. ඔබේ ආහාර කල් තබා ගැනීමට ශීතකරණ ගතකිරීම නිතර සිදුකරනවා නේද. නමුත් මෙම අධික සීතලේදී වුවත් මෙම බැක්ටීරියා විනාශ වන්නේ නැහැ.
එලෙස ශීතකරණයට දැමූ ආහාර නැවත ආහාරයට ගැනීමට පෙර ඔබ උදුනේ තබා රත් කර ගන්නවා. මෙම ක්‍රියාවලියේදී මෙම විෂබීජ මිලියන ගණනින් වර්ධනය වන බව ඔබ දන්නවාද?
එලෙස අප නොදැනුවත්වම ආහාරයත් සමඟ අපගේ ශරීරයට රෝග කාරක ඇතුළු වනවා. එම විෂබීජ විනාශවීමට නම් සෙල්සියස් 1000 පමණ උෂ්ණත්වයේ එම ආහාර තැම්බිය යුතුය.
නමුත් එහි පෝෂ්‍ය ගුණය එවැනි උෂ්ණත්වයකදී විනාශ වනවා. එහෙයින් ඔබ යම් ආහාරයක් කෑමට ගත යුත්තේ ආහාර පිස පැය 4ක් ඇතුළතදීය.
නමුත් ශීතකරණයෙන් ගැනීමෙන් පසුව රත් කිරීමෙන් තොරව ආහාරයට ගතහොත් එහි විෂබීජ වර්ධනය වීමක් සිදු වන්නේ නැහැ.
මෙනිසා ඔබ පිසින ආහාරය ප්‍රණීතව හා පෝෂණීය අයුරින් රස විඳීමට නම් උණුසුම පහව යන්නට පෙර ආහාරයට ගන්නට වග බලා ගන්න.
මයික්‍රෝවේව් අවන්
කාර්යබහුල ජීවිතයත් සමඟ මයික්‍රෝවේව් අවනය ඔබේ මුළුතැන්ගෙයට එක්වී තිබෙනවා. ඔබ පිසින ආහාරයන් නැවත රත් කර ගැනීමට මෙම උපකරණය වැඩි වශයෙන් භාවිත වනවා.
නමුත් මෙලෙස පිළිගන්වන ආහාරයන්හි පෝෂණ ගුණය පිළිබඳවද ඔබ සැලකිලිමත් විය යුතුයි.
උදාහරණයක් ලෙස ජල වීදුරු 2ක් ගෙන එක වීදුරුවකට සාමාන්‍ය ආකාරයට උණුකර ගෙන මඳක් නිවාගත් ජලයත් ගෙන අනෙක් වීදුරුවට මයික්‍රෝවේව් අවනයේ තබා රත්කර මඳක් නිවාගත් ජලයත් දමා පසුව පැළයකට දමන්න.
එහිදී මයික්‍රෝවේව් අවනය තුළ වූ ජලය දැමූ පැළය මැලවෙනවා. මෙලෙස ඒ අයුරින් ආහාර රත් කිරීමෙන් එහි පෝෂ්‍ය ගුණ හීන වනවා. ශරීරයට අවශ්‍ය විටමින් පදාර්ථ ක්‍ෂය වනවා. එහෙයින් ඔබේ ආහාර පහසුවට පෙනුමට පමණක් පිළියෙල කර ගැනීමට උනන්දු වන්න එපා.
එමිල් රෝහන් මිලානෝ සිට

No comments:

Post a Comment

srilanka