Friday, October 30, 2015



uputa ganima;-
face book
සිංහල බොදුනුවාwww.induwa78.blogspot.com





   -මාතර හෙළ පුතෙක් රාවණ තාක්ෂණයට යලි පණ දෙයි-

ඉන්ධන දහනය කළ ගමන් බිමන් ගිය යුගය නිමයි

අද කියන්නට යන්නේ අරුම පුදුම කථාවකි.පරිගණකය මත්තෙම නැහෙන බටහිර අධ්‍යාපයන ලද ඇතැමුන්ට මෙය බොරුවක් විය හැකිය.මන්ද ඔවුන් අධ්‍යාපනය කියා ඉගෙන ගෙන ඇත්තේ බටහිර විද්‍යාවය.

නමුත් බටහිර විද්‍යාව යනු තනිකරම බොරුවකි.මුලාවකි.මුසාවකි.

බටහිර විද්‍යාව අභිබවා ගිය විද්‍යාවකි හෙළ රාවණා තාක්ෂණය.

අද ඇමරිකාව ජපානය ජර්මනිය ඇතුළු රටවල් පවා දියුණු කර ඇති වත්මන් තාක්ෂණය හා විද්‍යාවත් හෙළයන්ගේ අතීත පුස්කොළ පොත්වලින් සොරකම් කළ බව ඇසුවහොත් ඔබ පුදුම වනු ඇත.

නමුත් සත්‍ය එයයි.

වත්මනේ භාවිතා කරන ඕනෑම තාක්ෂණික උපකරණයක මූලාරම්භය හෙළ පුස්කොළ පොතක සටහන් වී ඇත.බටහිර පර සුද්දන් කළෙ අපේ තාක්ෂණය සොරකම් කර එය වැඩි දියුණු කිරීමක් පමණයි.

රාම කුමාරය ලංකාව ආක්‍රමණය කළේ සීතාව යලි ගෙන යෑමටයි බොහෝ දෙනෙකු සිතයි.එහෙත් රාම පැමිණියේ රාවණගේ තාක්ෂණය සොරකම් කරගෙන යෑමටයි.මේ බව දත් රාවණා තමන්ගේ තාක්ෂණය ගැන ලියවුනු පුස්කොළ පොත් දහස් ගණනක් ටිබේටයේ කදු ශිකරයක සගවා ඇත.මෙරට ඉතිරිකර ඇත්තේ ඉන් පුස්කොල පොත් 10 ටත් අඩු ගණනකි.

හිට්ලර් පවා සිය යුද උපකරණ තැනීමට ටිබෙටය ආක්‍රමණ කර එම පුස්කොල පොත් සොරකම් කළ බව අන්තර්ජාලය පිරික්සන ඕනෑම අයෙකුට සොයාගත හැක.

ඉන්පසු එම තාක්ෂණය හිට්ලර්ගෙන් යුදෙව්වන් ලවා ඇමරිකාව හා රුසියාව සොරකම් කර ඇත.මෙම පුස්කොල පොත්වලින් කීපයක් ජපානය කොරියාවද සොරකම් කර ඇති බවද සදහන් වේ

වත්මන් ඕනැම නව නිර්මාණයක් පිටුපස යුදෙව්වන් සිටින්නේ එබැවිනි.

මේ එක් එක් නිර්මාණය ගැන සවිස්තරව ඉදිරි ලිපි පෙළකින් බලා පොරොත්තු වන්න.

අපට එවන් තාක්ෂණයක් තිබුනද වත්මනේ ඒ ගැන සදහන් නොවීම දුකට කරුනකි.

එහෙත් ලංකාව තුළ සැගවූ එක්තරා පුස්කොල පොතක් මාතර හෙළ තරුණයෙකුට සමු වී ඇත.ඒ මාතර ලදු කැලෑවකින්.

ඔහු පවසන්නේ මෙය තමාට අමුතු ඇදුම් ඇගලාගත් පුද්ගලයකු විසින් ලබා දුන් බවයි.

එහි සදහන් මන්ත්‍රයකට අනුව මෙම තරුණයා රාවණ ඉදලට පණ පොවා ඇත.

අවුරුදු 24ක් වන මෙම තරුණයාගේ නම පුද්ගලික හේතුන් මත අපි හෙලි නොකරන්නේ ඔහු විසින් තවත් පණ පෙවීමට නිර්මාණ රාශියක් ඇති බැවිනි.

මෙම රාවණ ඉදලට ඉන්ධන වැයවන්නේ නැත.අවශ්‍ය වන්නේ ඉර එළිය හෝ සද එළියයි.අමාවක දිනයන්ට හා වැසි දිනයන්ට පමණක් මෙමගින් ගමන් කළ නොහැක.

එහෙත් ඛණිජ තෙල් සිඝ්‍රෙයන් නැති වී යන යුගයක මෙම තාක්ෂණය ඔස්සේ මුලු ලොවම ලංකාව හමුවේ අපට දණ ගැස්විය හැක.

අවශ්‍ය වන්නේ මෙම මැතිරූ රාවණ ඉදලට විදාන දීම පමණයි.

හැරි පොටර් චිත්‍රපටයේ අපි මෙවන් සිදුවීම් පරිගණක ප්‍රයෝග හරහා දැක ඇත.එහෙත් ඉදිරියේදී සියැසින් එවන් සිදුවීම් දැකගැනීමට ලාංකිකයන්ට හැකි වනු ඇත.

මෙය සියට සියයක් පරිසර හිතකාමි ප්‍රවාහන ක්‍රමයකි.මෙම උපකරණය තවත් වැඩිදියුණු කර තවත් ඡායාරූප කිහිපයක් අප වෙත ලැබෙන්නවට සලස්වන බවත් අවශ්‍යනම් වීඩියො දර්ශන පවා ලබා දිය හැකි බවත් මෙම තරුණයා අපට පැවසීය.

No comments:

Post a Comment

srilanka