Saturday, January 24, 2015


www.induwa78.blogspot.com



ලංකාඊනිවුස් කියවා එමගින් ශාසන පුවත් දැනගන්න හදන කොළඹ ඉන්න "නයිට්ක්ලබ් සර්වාගමිකයින්" සහ අන්‍යාගමිකයින් නිතරම වගේ මෙහෙම අහනවා. "...ඔය සිංහල බෞද්ධ හාමුදුරුවරු කකා බිබී බණ කිය කියා ඉන්නවා මිසක් ඔවුන්ගෙන් සමාජයට කිසිදු යහපතක් වෙනවද...? වැඩිම වුණොත් හම්බයින්ට දෙහි කපන එකනේ කරන්නෙ"

සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලා කොතෙක් හොඳ කළත් ඒ කරන හොඳ දේවල් ජඩමාධ්‍ය වල පළ වෙන්නේ නෑ, කළාතුරකින් ජනමාධ්‍යයක පළ වුණත් ඒවා වැඩිය ප්‍රසිද්ධ වෙන්නේත් නෑ. මොකද සමාජයේ බොහෝ දෙනා හොයන්නේ හොඳ දේවල් නෙමෙයි, නරක දේවලුයි. ඉතින් ඒක භික්ෂූන් වහන්සේලාගේ වරදක් නොව, වරද ඇත්තේ ඊනිවුස් වැසිකිළියේ අශූචි වලර දිව හුරු වී ඉන් එළියට යාමට අකමැති උදවියගේ ළිං මැඩි මානසිකත්වය තුළයි.

අන්න ඒක වෙනස් කරන්න අපි උත්සාහ කරමු. සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලා කරන මෙවන් වැදගත් සමාජ හිතකාමී දේවල් නිතර ශෙයා කරමින්, තාමත් එදා මෙන්ම භික්ෂු ගුණයන්ගෙන් හෙබි යතිවරයාණන් වහන්සේලා වැඩ සිටින බව පෙන්වා දෙමු.

"හිමියනි, සසරින් එතෙර වීමට ඔබවහන්සේට මේ සිදු කරන කුසලය හේතු වාසනා වේවා!"

No comments:

Post a Comment

srilanka