"" අනේ හිමියනි ""
අක් මුල් සිද බිදි දැය
එකලු කරන්
පනනළ ගසා පිබිදුවේ හෙළ
ජීවයත් දෙමින්
හිමිසද නුඹයි තුන්කල් දුටු
නුවණ සොදින්
එ පෑ අඩහැරය හද තුල
වැටහූණු දනන්
දහසක් පැතුම් සිත් වට
පොදි බැදන් නිතින්
එක් රැස්වුවා හිමියනි නුඹෙ
සෙවන යටින්...
පසුමග නොවේ අප පතනුයේ
එකම සිතින්
මෙතුවක් කලක් දැක්කා උන්
නරුම වෙසින්
අපහට එපා දේශය කෑ
රුදුරු සතුන්
පැතුමන් පැතූවේ නව ආරෙක
දකින දසුන්
බිහිකර දෙන්න නව දේශය
රකින දනන්
ඉවසා සිටින්නේ දකිනට
නවමු රජුන්
හෙළයේ පැතුම තව දුරකල්
නොවෙද ඉතින්....
පස්මහ බැලුම් නිතිවට
සරසවම් සොදින්
මංපෙත තනා දෙන්නේ
කුමරුන්ට බැතින්
දියසෙන් කුමරු පහලව
එ අසිරි මැදින්
සත්ගුළු පව්ව සැලෙමින්
කුමරුන්ගේ ගුණෙන්
ඒ වීදෝ දිනෙක ජාතිය
රකිනු රිසින්
හිමියනි නුඹට බාරයි දැය
බොද නොකරන්න සිතුම්...
No comments:
Post a Comment
srilanka